ලොව කුඩාම චන්ද්‍රිකාව නිර්මාණය කිරීමට 18 හැවිරිදි ඉන්දීය ජාතික තරුණයෙකු සමත්වී තිබේ.
ඔහු නමින් රිෆාත් ෆාරුක්ය.
නාසා ආයතනය විසින් පැවැත්වූ තරඟයක් වෙනුවෙන් මොහු මෙය නිර්මාණය කර තිබුණ අතර එම තරඟයේ ජයග්‍රාහණය හිමිවී තිබුණේ රිෆාත්ටය.
මෙම චන්ද්‍රිකාවේ බර ග්‍රෑම් 64කි.
එළැඹෙන ජූනි මස 21දා නාසා ආයතනය විසින් මෙම චන්ද්‍රිකාව කක්ෂ ගත කිරීමට නියමිතය.
මෙම චන්ද්‍රිකාවට නම් තබා ඇත්තේ ‘කලාම්සැට්‘ ලෙසනි.
ඒ හිටපු ඉන්දීය ජනපතිවරයෙකු මෙන්ම විද්වතෙකුද වන අබ්දුල් කලාම් මහතාට ගෞරවයක් වශයෙනි.


No comments:
Post a Comment