Breaking

Monday, May 15, 2017

ලක්ෂ 70 ක මත්පෙති සමග මෘදුකාංග ඉංජිනේරුවා දැලේ

ලක්ෂ 70ට ආසන්න වටිනාකමකින් යුතු මත් පෙති තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ, සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය සමත් වී තිබේ.

මෘදුකාංග ඉංජිනේරුවරයෙකු වන සැකකරු ළඟ තිබී පෙති වශයෙන් මත් පෙති 1176ක් තම බාරයට ගත් බවත්, ඒවා හැඩ දෙකකින් යුතුව පැවති බවත් සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

නුගේගොඩ, ගුවන්පාලම අසළදී ඊයේ සවස අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු මහා පරිමාණ වශයෙන් මත්පෙති බෙදාහරින්නෙකු බවත්, අන්තර්ජාලය හරහා ඩුබායිවල සිට මෙම මත් පෙති ගෙන්වා ඇති බවත් ඔහු කියා සිටියේය.

රාත්‍රී සාද සඳහා පෙති සියය, දෙසීය ආදී තොග වශයෙන් ඇනවුම් බාරගෙන ඒවාට අදාළව සැකකරු විසින් සැපයුම් සිදුකර ඇති බවත්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගත් සුඛෝපභෝගී ජීප් රථයක්ද සුරාබදු දෙපාර්තමේන්තුවේ බාරයට ගෙන ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු අද (16) ගංගොඩවිල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කරන බව වාර්තා වේ.

No comments:

Post a Comment