Breaking

Thursday, May 18, 2017

ජී.එස්.පී.ප්ලස් බදු සහනය අද සිට ක්‍රියාත්මකයි


ශ්‍රී ලංකාවට ලබාදුන් ජී.එස්.පී.ප්ලස් බදු සහනය අද (19) සිට ක්‍රියාත්මක වෙයි.

 යුරෝපා සංගමය ප්‍රකාශ කළේ වසර 2021 දක්වා ශ්‍රී ලංකාවට එම බදු සහනය හිමිවනු ඇති බවයි.

 මීට පෙර ශ්‍රී ලංකාවට අහිමි කර තිබු එම බදු සහනය යළි ලබාදීමට යුරෝපා සංගමය තීරණය කළ අතර අද දිනයේ සිට එය බලපැවැත්වෙයි.

 ඒ අනුව මෙරටින් ආනයනය කරන භාණ්ඩ සඳහා යුරෝපා රටවලින්  බදු පැනවීම සීමා වනු ඇත.

 මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඉහළ යනු ඇති බව ආර්ථික විශ්ලේෂකයින් පවසයි.

 මෙරට අපනයනවලින් තුනෙන් එකක් පමණ යුරෝපා රටවලට සිදුකරෙයි.

No comments:

Post a Comment