Breaking

Monday, May 15, 2017

විපක්ෂයට යන්නේ නෑ කිව්ව සුජීව මහ රෑ මහින්ද හමුවෙලා!


වත්මන් රජයෙන් තමන්ට නිසි සැලකීමක් නොලැබුණහොත් දේශපාලනයෙන් ඉවත් වන බව කොළොන්නාවේ ජන රැළියකදී පවසා සිටි සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබේ.
එම හමුව සිදුව ඇත්තේ පසුගිය 8දා අභාවප්‍රාප්ත වූ මහින්ද රාජපක්ෂ මහතාගේ බාල නැගණිය වන ගාන්ධිනි රාජපක්ෂ රණවක මහත්මියගේ නුගේගොඩ ඇඹුල්දෙනියේ පිහිටි නිවසේ ඇගේ හත් දවසේ මතක බණ අවස්ථාවේදීය.
එහිදී එම නිවසට පැමිණි සේනසිංහ මහතා රාජපක්ෂ පවුලේ සාමාජිකයන් විසින් සුහද ලෙසින් පිළිගත් අතර ඔහු එම මතක බණ අවසන්වී බොහෝ වේලාවක් එම නිවසේ රැඳී සිටි බව වාර්තා වේ.
කෙසේ හෝ තමන් දේශපාලනයෙන් ඉවත් වන බව කී සේනාසිංහ මහතා තමන් විපක්ෂය හා සම්බන්ධ නොවන බවද කොළොන්නාවේදී පවසා තිබිණ.

No comments:

Post a Comment