Breaking

Wednesday, May 17, 2017

සරසවි සිසුන් 8ක් හෙට තෙක් රිමාන්ඩ්


අධිකරණ නියෝග නොතකමින් විරෝධතාවයේ නිරත වීම සහ පොදු දේපලවලට අලාභහානී සිදුකිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගත් හිමිනම ඇතුළුව සරසවි සිසුන් අටදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර රණසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව  ඔවුන් හෙට(19) දිනය දක්වා  රක්ෂිත බන්ධනාගාර ගත කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

කොළඹ පුරහල අවට ඊයේ පැවති සයිටම් විරෝධී උද්ඝෝෂණය අතර තුර අධිකරණ නියෝග නොතකමින් විරෝධතාවයේ නිරත වීම සහ පොදු දේපලවලට අලාභහානී සිදුකිරීම යන චෝදනා යටතේ අදාළ හිමිනම ඇතුළු සරසවි සිසුන් අට දෙනා කුරුදුවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

No comments:

Post a Comment