Breaking

Wednesday, May 17, 2017

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගුවන්තොටුපොළ බලා පිටත් වෙයි


එංගලන්තයේ පැවැත්වෙන අයි.සී.සී. චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද උදෑසන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ආගමික වතාවත් වල නිරත් වීමෙන් අනතුරුව ගුවන් තොටුපොළ බලා පිටත් වූවා.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ විශේෂ උත්සවයක් ඊයේ කොළඹදී පැවැත්වුණා.

කණ්ඩායමේ සමූහ ඡායාරූපයට පෙනී සිටීමෙන් අනතුරුව ඔවුන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් සදහා ද එක්වුණා.

තරගාවලියට ඇති සූදානම පිළිබද නායක ඇන්ජලෝ මැතිව්ස් අදහස් පළ කළේ මෙලෙසින්.

- ඇන්ජලෝ මැතිව්ස්

- හොද පුහුණුවක් ලබාගත්තා අපි. එහේ ගිහිල්ලාත් අපි දින 12 – 14 ක පමණ කාලයක් තියෙනවා හොදින් පුහුණුවෙන්න. විශේෂයෙන් ඒ කාලගුණයට හැඩ ගැහෙන්න. අපි හුගාක් මහන්සි වෙනවා මේ දවස්ලවල ක්‍රීඩාවට අවශ්‍ය සෑම අංශයකින්ම අපි හොදට පුහුණුවීම් කළා.

චැම්පියන්ස් කුසලාන තරගාවලියේ පළමු වටයේදී ශ්‍රී ලංකාව තරග වැදීමට සිදුවන්නේ දකුණු අප්‍රිකාව, ඉන්දියාව සහ පාකිස්තානය සමගයි.

- ඒ කණ්ඩායම්වලට තනි තනිව ප්ලෑන් දාලා ඒ ප්ලෑන්ස් අපි එක්සිකියුට් කරන්න ඕන. ඒ ප්ලෑන්ස් අපි දැම්මාට වැඩක් නැහැ අපි එහේ ගිහිල්ලා ඒ තරගයේදී ඒ දේවල් කළේ නැත්නම්. ඉතිං අපි ඒක කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ තරග තුනම ගැන එකපාර හිතන්නේ නැතුව. තරගයෙන් තරගය ක්‍රීඩා කරලා හොදින් ක්‍රීඩා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

චැම්පියන්ස් කුසලාන තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද එංගලන්තය බලා පිටත්ව යෑමට නියමිතයි.







No comments:

Post a Comment